ශ්‍රී ලංකාවේ මුද්දර ඉතිහාසය

: Pudgalantara Sannivedanaya sandaha lankiya tapel muddaraye dayakatvaya by Niroshana Pieris

Pages: 175 pages

Size: (A4 1/2)

Published year 2007

Price: Rs 420

ශ්‍රී ලංකාව තුල ප්‍රථම තැපැල් මුද්දරය නිකුත් කරනු ලැබුවේ වසර 1857 අප්‍රේල් 01 දිනය, එංගලන්තයේ   එවක රජකම් කළ වික්ටෝරියා මහා රැජිනගේ ශීර්ෂ රුවින් හැඩගැන්වුනු පැන්ස 06 ක් වු එම මුද්දරයේ වටිනාකම, ශ්‍රී ලංකාවෙන් එංගලන්තයට සාමාන්‍ය තැපෑලෙන් යැවුනු ලිපියක ගාස්තුවට සමාන විය.

1857 වසරේ සිට 2007 දක්වා පුරා 150 වසරක දීර්ඝ හා විච්ත්‍රවත් ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලාංකික මුද්දර වංශකථාව තුල, ඓතිහාසික මෙන්ම අමරණීය මඟසලකුණු ද බොහෝය. එතුලට විමර්ශනාත්මකව ප්‍රෙව්ශවීම මෙම කෘතියේ අරමුණ වේ. මුද්දර සාහිත්‍ය ක්ෂේත්‍රය  තුල පැවති ප්‍රබල ඌනතාවයක් කිසියම් දුරකට මගහැරලමින් ස්වභාෂාවෙන් ලියවුනු මෙම කෘතිය, මුද්දර විනෝදාංශයට සමගාමීව එම සාහිත්‍ය ප්‍රවර්ධනයෙහිලා නොමද මෙහෙයක් ඉටු කරන බව විශ්වාසය

මුද්දර විනෝදාංශය තුළින් ලෝකය දකින්නටත්, තොරතුරු ගවේශනය හා අධ්‍යනය පිලිබඳ ඇල්ම කුළුගැන්වීමටත් සක්‍රීයව සහ නිර්මාණාත්මකය මඟ හෙළිකරන මෙම කෘතිය, ශ්‍රී ලාංකිය දේශපාලන, සමාජ, ආර්ථික පසුබිම පිළබඳව හැදෑරීමට හා පසු විපරම අරමුණු කරන සැමට අගනා කරුණු සයපනු නොඅනුමානය

Back cover

Loading