නුගේගොඩ සාන්ත ජොන් විද්‍යාලයේ මුද්දර සංගමය

අරමුණු

වැඩිහිටියන් හා දරුවන් යන කණ්ඩායම් දෙකම ගත් කල සියලු දෙනාටම තිබෙන්නෙ දවසට පැය 24 කාලයක්. මෙම කාලය අප සියලුම දෙනාම ඵලදායි දේවල් සඳහා යෙදවීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. එසේම බැලුවම වැඩිහිටියකු නම් එම පැය 24ක් කාලය යෙදවීම සඳහා ඇති තරම් වගකීම සමුදායක් තිබෙනවා.

එහෙත් කුඩා දරුවකු එසේ පැය 24කට කරන්නට තරම් ලොකු වැඩ ප්‍රමාණයක් නෑ . එහෙම බැලුවහම බොහෝ විට දිනකට පැය 2 වගේ කාලයක් දරුවකුට නිදහසේ විනෝදාංශ ගත කරන්නට අවස්ථාව වැඩිහිටියකුට සාපේක්ෂව ලැබෙනවා. එතකොට දරුවකුට එම විනෝදාංශය ගත කරන කාලය ඵලදායි විනෝදාංශයක් ලබා ගැනීමටත් එය තමා සතු දැනුම වර්ධනය කර කරන ආකාරය විනෝදාංශය කර යොමු කරවීමටත් වගබලා ගත යුතුය.

මොකද මේ ලැබෙන විනෝද කාලය ඔහුට හෝ ඇයට ඇයට දී දිනකට පැය 2 වශයෙන් සතියකට පැය 14 මාසෙකට පැය 60 වසරකට පැය 720 වශයෙන් ලැබෙන නිසා එම වටිනා කාලය තුළ ඔහු හෝ ඇය අනිවාර්යෙන් තම ජීවිතයට වැදගත් කාරණයක් ද නිරත විය යුතුමය. එම නිසා දරුවන්ගේ දැනුම වර්ධනය කරන සහ කියවීම වගේම නියවීම වර්ධනය කරන විනෝදාංශයක් ලෙස අනාදිමත් කාලයක සිට පැවත එන ”මුද්දර එකතු කිරීම” හඳුනාගත හැකිය.

ඉහත කී වටිනා පැය 720 කාලය ගත කිරීමට වෙනත් අහිතකර ඇබ්බැහිවීම් වන මත්ද්‍රව්‍ය හෝ Digital Screen දරුවන් අතරට ඇතුලත් වීමට කලින් දරුවන්ට මෙම හිතකර ඇබ්බැහිවීම එහෙම නැත්නම් මුද්දර එකතු කිරීමට සිසුන් උනන්දු කරවිය යුතු කියලා අපි හිතනවා. මුද්දර එකතු කරලා යාළුවන් අතර මුද්දර හුවමාරු කරගෙන තම සමකාලීන අය අතරින් ඉගෙනීම එහෙම නැත්තං peer learning කියන ක්‍රමවේදයන් ඔස්සේ මේ ක්‍රමය හරහා ඔවුන්ගේ දැනුම වර්ධනය කරගන්න පුළුවන්. එසේම මුද්දර කියවීම තුලින් දැනුම ගවේෂණය කිරීම පිලිබදව අද්දැකීම ඔවුන්ව වෙනම ලෝකෙට ගෙන යන බවත් කියන්න ඕනේ.

මේ සියලු කරුණු සලකා බලන කල, මුද්දර එකතු කිරීමට ත් මුද්දර හුවමාරු කිරීමටත් මුද්දර තුලින් දැනුම ගවේෂණය කිරීමට ත් අපිට නුගේගොඩ සාන්ත ජොන් විද්‍යාලයේ මුද්දර සංගමය තෝතැන්නක් වන බව නො අනුමානය.


විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පතිනි, මුද්දර සංගමය භාර ගුරුතුමිය සහ මුද්දර සංගමයේ සභාපති


මුද්දර වැඩසටහන්


දෙසැම්බර් 4 සහ 5 – මුද්දර ප්‍රදර්ශනය 2023

The event will include sessions by following:

  • Veteran educational philatelist, Mr. Niroshana Samantha Peiris (Kiyawana Muddara)
  • Veteran stamp designer, Mr. Pulasthi Ediriweera
  • President of philately.lk, Mr. W.G.T. Fernando
  • Veteran philatelist Mr Gamini Silva

The event will also have exhibits from SLIPA members.


Invited schools participating

17 schools with close to 300 students would be in attendance on the 5th December 2023. The schools are:

  • S. de S Jayasinghe, Dehiwala
  • Kaluthara Balika
  • Kottawa Dharmapala
  • Vidyakara Girls School
  • Maha Maya Balika
  • Ananda Balika
  • Ananda Sashtralaya
  • St Thomas
  • Sri Shubuthi
  • D s Senanayake College
  • Ashoka Vidyalaya
  • Buddhist Girl
  • Mahanama college
  • St pauls girls
  • isipathana college
  • Lumbini College
  • Hindu Vidyalaya

Certificate of participation

A certificate of participation was presented to all students participating.


Images from the sessions/exhibitions/opening ceremony

St. John’s College, Nugegoda January 2024 News mentions about the Stamp exhibition held at the school premises on 4th and 5th December 2023.

Loading