Project by Ceylon Collectors Club in Bandarawela

held on 3rd February 2023

හෙට රටටම වැදගත් දවසක් වගේ අද අපිට හුඟක් වැදගත් දවසක්..සමූහයක් විදියට අපෙ සමාජීය වගකීම සහ වගවීම වෙනුවෙන් අපිට එකතු වෙන්න පුළුවන් උනා.

වර්තමානයේ පැන නැගී තියෙන දරුණු ආර්ථික අර්බුදය හමුවේ මතු වී ඇති දරුණතම ගැටළුවක් තමා ළමයින් අධ්‍යාපනයෙන් ඈත් වීම. පොත් පත් අමුද්‍රව්‍ය, ඇදුම් ආයිත්තම් වලට යන අධික මිලත් එක්ක දෙමව්පියන් බොහෝ විට අධ්‍යාපනය ඉතා අඩු තැනක් දීල ආහර, බෙහෙත් වගේ මූලීක අවශ්‍යතා වලට වැඩි තැනක් දෙන්න පටන් අරන්..බොහොම දුෂ්කර පැති වල මේ ගැටළුව ඉහළින්ම..ඉතින් එහෙම විනාශ වෙන්නේ අපේ රටේ අනාගතය..

මේ කාරණය කිහිප විටක්ම අපේ සමූහයේ ඇතුලෙ කතාවට ලක්වෙලා, රොහාන් සහ සුසන්ත මහත්වරුන්ගේ මූලීකත්වයෙන් අපි තීරණය කරා මේ විදියට අධ්‍යාපනය අතඇරෙන දුශ්කර පෙදෙස් වල ළමයින්ට පුංචි හෝ අත්වැලක් වෙන්න. අන්න ඒ අරමුණ පෙරදැරි කරගෙන අපේ “සිසු දිරිය” වැඩසටහන නිර්මාණය උනා.

අද ඒකේ පළමු වැඩසටහන බණ්ඩාරවෙල මහානාම විද්‍යාලයේ අපි පැවැත්වුවා. ඉදිරි පාසල් කටයුතු වලට අවශ්‍ය පොත් පත් පමණක් නෙමේ එයාලට අද අපි මේ මුද්දරය කියන විශ්ව කෝෂයක් බදු පුංචි නිර්මාණය හදුනවා දුන්නා.

මුද්දරයක වටිනාකම, වැදගත්කම, හා අපි මුද්දර එකතු කළ යුත්තේ ඇයි කියන එක අපි කතා කරා. ඇවිත් හිටපු පුංචි උන් වගේම, වැඩිහිටියොත්, බොහොම සතුටු උනා. අපි හිතුවෙවත් නැති විදියට වැඩිහිටියෝ අද ඉගෙන ගත්ත දේවල් ගැන කතා කරා.

අගනුවරින් පිටතට මේ වගේ දැනුම් සම්භාරයකින් පරිපූර්ණ, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනසට විනෝදයක් විවේකයක් ගේන විනෝදාංශයක් හදුනවා දීම සමූහයක් වශයෙන් අපේ සියල්ලෝම ලද භාග්‍යක්.

නම සඳහන් කිරීමට අකමැති මහත්මයෙක් දුන් මුද්දර තෑගීත් එක්ක පුංචි උන් හරි සතුටින් විසිර ගියේ ඊළග මාසයෙ මුල එයාලගෙ අළුත්ම මුද්දර එකතුවේ ජායාරූප අපිට එවන පොරොන්දුවෙන්. ඒ වගේම අපිත් ලඟදීම ඒ පාසලේ මුද්දර සමාජයක් පිහිටවන්න කටයුතු කරනවා. මේ විනෝදාංශයේ ප්‍රවීණ ඒ වගේම දැනුමෙන් අනූන මහත්වරුන් අපිත් එක්ක එකතු වේවී කියලා අපි හිතනවා.

ඉතින් මේක අළුත් පියවරක්. අපි හැමෝටම ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න. රටේ අහිංසක දු පුතුන්ට අත්වැලක් වෙන්න වගේම මේ රාජකීය විනෝදාංශය මුළු ලංකාව වටේම ප්‍රචලිත කරන්න එන්න අපි එකතු වෙමු.

අපේ සමූහයේ නිර්මාතෲ රොහාන් මහතාගේ ඉතා දැඩි ඕනෑකම මත සහ අපේ ඇඩ්මින් මඩුල්ලේ සියළු දෙනාගේ එකතුවෙන් අද අපි මේ කටයුතු සංවිධානය කරා. අපගේ අමීන් මහතා ඉතා හොඳ ආරම්භයක් ලබාදෙමින් මුදල් සම්පාදනය කටයුතු කරගන්න පුළුවන් උනා අපේ ඇඩ්මින් සමූහයේම එකතුවෙන්.

විශේෂයෙන්ම කිව යුතුයි, අද අපිට මෙම ස්ථානය බොහොම උනන්දුවෙන් ලබාදුන් බණ්ඩාරවෙල මහානාම විද්‍යාලයේ විදුහල්පති තුමන්ටත්, එහි ආචාර්ය නිශාන්ත මහත්මයාටත්, SJT Engineering (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ තුමා ඇතුළුව එහි නිලධාරීන්ටත්, වචනයකින් හෝ උදව් කරපු හැමෝටමත් බොහොම ස්තූතියි. නම් බොහොමයක් සදහන් කරන්න ඕන නිසා හැමෝටම එක පාර ස්තුති කරාට අමනාප වෙන්න එපා.

අපි බලාපොරොත්තු වෙනවා “සිසු දිරිය” දෙවන අදියර බොහොම ඉක්මනින්ම රටේ තවත් ඉසව්වක් දූ පුතුන් වෙනුවෙන් පවත්වන්න.

ඉතින් අපි අපේ රට වෙනස් කරමු. මුද්දරෙන් අපි රට ලස්සන කරමු. හොඳ දේ සමාජයට බෙදමු. මේ රාජාකීය විනෝදාංශයේ නියමම වටිනාකම මුළු රටටම අරන් යමු.

Photos and words by Roshan Wijesuriya

Loading

Leave a Reply

Your email address will not be published. Required fields are marked *