වනජීවී පාරාදීසයක් ලෙස හැඳින්වෙන යාල ජාතික වනෝද්‍යානය ශ්‍රී ලංකාවේ ගිනිකොණ දිග වියළි කලාපයේ පිහිටා ඇති ලංකාවේ පැරැණිතම වනජීවී රක්ෂිත අතරින් එකකි. එය ශ්‍රී ලංකාවේ පිහිටි දෙවන විශාලතම ජාතික වනෝද්‍යානයයි.
යාල වනෝද්‍යානයේ ඉතිහාසය පිළිබඳව සලකා බැලීමේදී 1900දී පමණ බ්‍රිතාන්‍ය ජාතිකයන් සිය දඩයම් කටයුතු සඳහා මෙම වනාන්තරය යොදාගෙන ඇත. එබැවින් 1900 වර්ෂයේදී මෙම වනාන්තරය දඩයම් රක්ෂිතයක් ලෙස නම් කර ඇත. ඉන් අනතුරුව 1908 වර්ෂයේදී අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබීය. 1806 වර්ෂයේදී අගවිනිසුරු ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ජෝන්ස්ටන් ත්‍රිකුණාමලයේ සිට හම්බන්තොට දක්වා ගමන් කළ පසු යාල පිළිබඳවද සවිස්තර වාර්තාවක් ලියන ලද බව වාර්තාවේ. 1900 මාර්තු 23වන දින ආණ්ඩුව විසින් යාල හා විල්පත්තු සංචිත වන සංරක්ෂණ ආඥා පනත යටතේ ප්‍රකාශයට පත්කොට ඇත. පසුකාලීනව යාල වනාන්තරය කලාප 5කට බෙදනු ලැබ ඇති අතර එහි පළමුවන කලාපය 1938 පෙබරවාරි මස 25 වන දින සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදි. ඉතිරි කලාප හතර ද පසු කාලීනව යාල වනෝද්‍යානයට අනුබද්ධ ලෙස සඳහන් කර ඇත.
මෙම උද්‍යානය වර්ග කිලෝමීටර් 979 (හෙක්ටයාර් 126786)ක් පුරා පැතිර පවතින අතර ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කය සහ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා විහිදී ඇත. යාල වනෝද්‍යානය උතුරු දෙසින් ඌව කඳුවැටියෙන්ද, නැගෙනහිර සහ දකුණු දෙසින් ඉන්දියන් සාගරයෙන්ද, බටහිරින් මැණික් ගඟෙහි අතු ගංගාවකින් හා කතරගම කඳුයායෙන්ද මායිම්ව ඇත. මෙම ජාතික උද්‍යානය පරිපාලන පහසුව තකා කලාප පහකට බෙදා ඇත. මෙහි 1 සහ 2 කලාප හම්බන්තොට දිස්ත්‍රික්කයටත් 3,4,5 කලාප මොනරාගල දිස්ත්‍රික්කයටත් අයත් වේ. මෙම කොටස් පහට අමතරව යාල දැඩි ස්වභාවික රක්ෂිතය හෙක්ටයාර 28905කින් සමන්විත වේ. මේ අතරින් සංචාරකයන්ට සඳහා විවෘතව ඇත්තේ 1 සහ 2 කලාප පමණි.
යාල ජාතික වනෝද්‍යානයේ භූමියෙන් වැඩි ඉඩකඩක් පවතින්නේ පතන බිම්ය. කෙසේ නමුත් වනෝද්‍යානය පොදුවේ ගත් කල තෙත් මෝසම් හා වියලි මෝසම් වනාන්තර හා කටු පඳුරු පරිසර පද්ධතීන්ගෙන්ද, මිරිදිය හා සමුද්‍ර තෙත්බිම්, කඩොලාන බිම් පරිසර පද්ධතීන්ගෙන්ද, කොරල් පර වැනි සාගරික පරිසර පද්ධතීන්ගෙන්ද සමන්විතය. දිවයිනේ පහත්ම තැනිතලා ප්‍රදේශ පිහිටා ඇති මෙම උද්‍යානයේ ඇතැම් ස්ථාන මුහුදු මට්ටමින් මීටර් 100 සිට මීටර් 125ක් තරම් උස් වේ. ශ්‍රී ලංකාවේ ගංගා අතරින් දිගින් 11වැනි සහ 12වැනි තැන ලැබී ඇති මැණික් ගඟ සහ කුඹුක්කන් ඔය ද යාල උද්‍යානය හරහා ගලා බසියි. විලපලා වැව, ගෝනගල වැව, මණ්ඩාගල වැව, ඌරණිය වැව, මහාසීලව වැව, හීන්වැව සහ කොරවක්කා වැව ඇතුළු වැව් රාශියක් ද වේ. එමෙන්ම බුතවල, ගෝන ලැහැබ සහ කුඩා සිලව වශයෙන් වූ කලපු තුනක්ද මෙහි දක්නට ඇත.
දිස්ත්‍රික්ක දෙකකට අයත් වන මෙම ජාතික උද්‍යානයේ දේශගුණික විවිධත්වයක් දක්නට ලැබෙන අතර මොණරාගල දිස්ත්‍රියකට අයත් කලාපවල වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 550-775ත් අතරද උෂ්ණත්වය 23-32°C අතරද වේ. හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් කලාපවල වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 400-500 අතර ප්‍රමාණයක් වේ. සැප්තැම්බර් දක්වා මාස වල වියළි දේශගුණක තත්ත්වයක් පවතින අතර එම කාලය සතුන්ට ජලය හා ආහාර හිඟවන කාලයයි.
යාල ජාතික වනෝද්‍යානය සියවස් ගණනාවක සිටම වන සතුන් සඳහා ප්‍රචලිත තැනකි. මෙහි ක්ෂීරපායි විශේෂ 41ක්, දේශීය පක්ෂි විශේෂ 133ක්, සංචාරක පක්ෂි විශේෂ 27ක් උරග විශේෂ 46ක් උභය ජීවි විශේෂ 18ක් සහ මිරිදිය මත්ස්‍ය විශේෂ 21ක් පමණ වාර්තා වී ඇත. උද්‍යානයේ පළමු කලාපයේ පමණක් ශාක විශේෂ 300ක් පමණ හඳුනාගෙන ඇත.
ශාක විශේෂ පිළිබඳව සලකා බැලීමේදී උද්‍යානයේ දෙවන කලාපයේ අඩුම වනාන්තර ප්‍රමාණයක් දක්නට ඇති නමුත් අනෙක් සියලුම කලාප වනාන්තරවලින් වැසී පවතියි. මෙහි ඇති ශාක පද්ධතීන් අතර වියළි හෝ අර්ධ සදාහරිත හෝ කටු පඳුරු සහිත වනාන්තර මෙන්ම තෙත් පතනශීලී වනාන්තර හා කඩොලාන ශාක ආදිය දක්නට ලැබේ. පලු (Manilkara hexandra), වීර (Drypetes sepiaria), ලුණුවරන (Crateva adansonii subsp. odora) ප්‍රමුඛ ශාක වන අතර ඇහැල (Cassia fistula), රණවරා (Senna auriculata), කොහොඹ (Azadirachta indica), දිවුල් (Limonia acidissima) යන ශාකද ව්‍යාප්තව පවතියි. එමෙන්ම අන්දර (Many species under family Fabacea), කුකුරුමාන් (Catunaregam spinosa), හීන් කරඹ (Carissa spinarum), එරමිනියා (Ziziphus species), හීරැස්ස (Cissus quadrangularis), කිරිවැල් (Families Apocynacea and Rubiacea species), වල් පිච්ච (Jasminum species), හාතාවාරිය (Asparagus racemosus) ආදී විශේෂ ද මෙහිදී දැකගත හැකිය.
මෙම වනෝද්‍යානය සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය වන්නේ විශාල සතුන් පහසුවෙන් දැකගත හැකිවන බැවිනි. වල් අලියා (Elephas maximus), කුළු මී හරකා (Bubalus arnee) සහ තිත් මුවා (Axis axis ceylonensis) මෙහිදී පහසුවෙන් දැකගත හැකිය. වන සතුන් වැඩි වශයෙන් නැරඹිය හැකි වන්නේ පළමු කලාපයේ සමුද්‍රාශ්‍රිත ප්‍රදේශයන්හිදීය. එමෙන්ම උද්‍යානයේ පළමුවන සහ දෙවන කලාප දිවියන්ගේ (Panthera pardus kotiya) පාරාදීසයයි. තවද වලසා (Ursus ursinus), ගෝනා (Rusa unicolor), මීමින්නා (Moscheola meminna), උරුලෑවා (Viverid species), හිවලා (Canis aureus), වල් බළලා (Felis chaus), වඳුරා (macaca sinica), කළවැද්දා (Hermophroditus species) සහ ඉත්තෑවා (Hystrix indica) මෙහිදී දක්නට ලැබෙන අනෙකුත් සතුන් වේ. සමුද්‍ර තිරයට ආසන්නව තාරකා ඉබ්බා (Testudo elegans) හා ගරා කටුස්සා (Calotes versicolor), පලා කටුස්සා (Calotes calotes) ආදී කටුසු වර්ගද දිය කඩිති හා ගංගා අසල හැල කිඹුලා (Crocodylus palustris) හා ගැට කිඹුලා (Crocodylus porosus)ද දක්නට ලැබේ.
යාල ජාතික වනෝද්‍යානය වරින් වර පැමිණෙන සංචාරක පක්ෂීන්ට අපහසුවකින් තොරව කැදලි තැනීමට මෙන්ම ආහාර සපයා ගැනීමටද සුදුසු පරිසරයකින් සමන්විතය. එබැවින් වසරේ සැප්තැම්බර් සිට ඉදිරි වසරේ මාර්තු දක්වා සංක්‍රමණික පක්ෂීන් මෙම අභයභූමිය තුළ ලැගුම් ගනියි. ඒ අතරින් ඇතැම් සංචාරක පක්ෂ විශේෂ මෙහි ස්ථීර වශයෙන් නතර වන අතර අලිමානාවා (Ephippiorhynchus asiaticus) එවැනි පක්ෂයකි. මෙම ප්‍රක්ෂි සංක්‍රමණ සමයේදී පොදු සිලිබිල්ලා (Tringa Species), කැළෑහැලපෙන්දා (Dendronanthus indicus), සියක්කාරයා (Phoenicopterus ruber), පෙඳ කළු ගොහොදු විත්තා (Limosa limosa), අවිච්චියා (Pitta brachyura), බිඟුහරයා (Merops species), මහාරන් ඔලෙවියා (Pulvialis fulva) දක්නට ලැබෙයි. ඊට අමතරව අළුපැස්තුඩුවා (Pelecanus philippensis), වළි කුකුලා (Gallus lafayetti), හබන් කුකුලා (Galloperdix bicalcarata), බහුරු මානාවා (Leptoptilos javanicus), සැවුල්පෙඳ දියසෑනා (Hydrophasianus chirurgus), පාදිලිමානාවා (Ciconia episcopus), ලතුවැකියා (Mycteria leucocephala) හා කොකුන් විශේෂ (Ixobrychus species) කිහිපයක් ද මෙහිදී දැකගත හැකිය.
මෙහි ඓතිහාසික හා සංස්කෘතික වටිනාකම සලකා බැලීමේදී අතීතයේ මෙම වනාන්තරය ආශ්‍රිතව ජනාවාස පැවැති බව තහවුරු වී ඇත. දැනට භාවිතා වන පොතන, පලටුපාන, හැලව, ඕකන්ද ආදී නම් අතීතයේ මිනිසුන් ජීවත් වූ ගම්වේ. කාලයත් සමඟ මෙම ජනාවාස වනාන්තර බවට පත්වී වන සතුන්ගේ රජ දහනක් බවට පත්විය. පලටුපාන ආසන්නයේම මඟුල් මහා විහාර භූමියට අයත් කඳු මුදුනේ ගල් ලෙනක් තුළ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමාවක් හමුවේ. එමෙන්ම පැරණි මැටි භාණ්ඩ සුන්බුන්, බ්‍රාහ්මීය අක්ෂර, ශිලාලිපි, බුද්ධ ප්‍රතිමා ආදිය අනුව එවකට බෞද්ධ සිද්ධස්ථාන ඉතා දියුණු අයුරින් තිබී ඇති බවට සාක්ෂි හමුවේ. දුටුගැමුණු රජු සමය ආශ්‍රිත සෙල්ලිපි, සිතුල්පව්ව පුදබිම ආශ්‍රිතව හමුවී ඇත. පිඹුරාගල කන්ද, ගෝනගල, ආකාශ චෛත්‍යය, විහාර ගොඩැල්ල, රහතුන් වැඩසිටි සිතුල්පව්ව රජමහා විහාරය හා ගල්ගුහා සහ මගුල් විහාරය යාල වනෝද්‍යානය සීමාවේ පිහිටා ඇති අදටත් බෞද්ධයන්ගේ වැඳුම් පිදුම් ලබන ස්ථාන වේ.
ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන මුද්දර පෙළෙහි සිව්වැනි නිකුත් කිරීම ලෙස ශ්‍රී ලංකාවේ වනජීවී රක්ෂිත ජාලයට 75 වසරක් සපිරීමට සමගාමීව යාල ජාතික වනෝද්‍යානය තේමා කර ගනිමින් 2013 වර්ෂයේදී ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය මගින් මුද්දර පෙළක් නිකුත් කරන ලදී. මෙම මුද්දර කට්ටලය රු.5, රු.15, රු.25, රු.30, රු.40 සහ රු.50 බැගින් වූ මුද්දර හයකින්ද සිහිවටන පත්‍රිකා තුනකින්ද මුල් දින කවර දෙකකින්ද සමන්විත විය. ඉතා අලංකාර ලෙස නිර්මාණය කර ඇති මෙම මුද්දර පෙළ මුද්දර එකතු කරන්නන් අතර ජනප්‍රිය අයිතම වලින් එකකි.
මෙහි රු.5 වටිනාකම සහිත මුද්දරය සඳහා ශ්‍රී ලංකාවේ වෙරළබඩ ජලයේ වසන කැස්බෑ විශේෂ 05 අතරින් එක් විශේෂයක් වූ පොතු කැස්බෑවා (Hawks bill Turtle – Erctmochelys imbricate) යොදාගෙන ඇත. රු.15 මුද්දරය සඳහා ශ්‍රී ලංකාවේ වාසය කරන කිඹුල් විශේෂ 02 අතුරින් වඩා විශාලම සහ ආක්‍රමණශීලීම විශේෂය වූ හැල කිඹුලා (Swamp Crocodile – Crocodylus palustris) යොදාගෙන ඇත. යාල වනෝද්‍යානය තුළ ප්‍රධාන වශයෙන්ම දැකගත හැකි වන අලියා (Elephant – Elephas maximus) රු.25 මුද්දරය මගින් නිරූපණය කරයි. අඩි පහකට වඩා උසැති ශ්‍රී ලංකාවේ උසම පක්ෂියා වන අලි මානාවා (Black-Necked Stork – Ephippiorhynchus asiaticus) රු.30 මුද්දරය සඳහා යොදා ගෙන ඇත. සතුන් 4-5 දෙනෙකුගෙන් පමණ සමන්විත වන රංචු වශයෙන් ජීවත්වන වල් ඌරා (Wild Boar – Sus scrofa) රු.40 මුද්දරය මගින් නිරූපණය කරයි. රු.50 මුද්දරය සඳහා යොදා ගෙන ඇත්තේ තිත් මුව (Leopard – Panthera pardus) රංචුවකගේ රූපයකි. මෙයට අමතරව සිහිවටන පත්‍රිකා තුන සඳහා ස්ලොත් වලසා, කොටියා සහ අලියාගේ රූප වෙන වෙනම යොදාගෙන ඇත.
මුද්දර පිළිබඳ විස්තර
නිකුත් කළ දිනය | 2013.07.28 |
සැලසුම්කරු | රු.5, රු.15, රු.30 – කැලුම් ඒ. ගුණසේකර රු.25, රු.40, රු.50 – ඩී. ජී. සුදත් ජයවර්ධන |
ප්‍රමාණය | 41mm × 30mm 30mm × 41mm |
මුද්‍රණ ක්‍රමය | ඔෆ්සෙට් ලිතෝග්‍රැපි |
පත් සැකැස්ම | පත්‍රිකාවක මුද්දර 16 බැගින් |
සිදුරු ප්‍රමාණය | 13 3/4 × 14 14 × 13 3/4 |
මුද්‍රණකරු | රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව |
භාවිතා කළ වර්ණ | හතරකි |
කඩදාසි | 102 gsm ආරක්ෂිත මුද්දර මුද්‍රණ |
කඩදාසි මැලියම් | PVA |
මුද්‍රණය කළ ප්‍රමාණය | රු.5.00 – 1,000,000 රු.15.00 – 1,000,000 රු.25.00 – 500,000 රු.30.00 – 500,000 රු.40.00 – 1,000,000 රු.50.00 – 1,000,000 |
සිහිවටන පත්‍රිකා වටිනාකම | රු.55.00 – එකකින් 20,000 රු.200.00 – එකකින් 10,000 (Thailand 2013 ප්‍රදර්ශනයේ Mascot සහ Logo සහිත) |
නාමාවලි අංක
රු.5 මුද්දරය (පොතු කැස්බෑවා) | Michel LK 1956 Stamp Number LK 1896 Yvert et Tellier LK 1905 Stanley Gibbons LK 2218 WADP Numbering System – WNS LK016.13 |
රු.15 මුද්දරය (හැල කිඹුලා) | Michel LK 1957 Stamp Number LK 1897 Yvert et Tellier LK 1906 Stanley Gibbons LK 2219 WADP Numbering System – WNS LK015.13 |
රු.25 මුද්දරය (අලියා) | Michel LK 1958 Stamp Number LK 1898 Yvert et Tellier LK 1907 Stanley Gibbons LK 2220 WADP Numbering System – WNS LK019.13 |
රු.30 මුද්දරය (අලි මානාවා) | Michel LK 1959 Stamp Number LK 1899 Yvert et Tellier LK 1908 Stanley Gibbons LK 2221 WADP Numbering System – WNS LK018.13 |
රු.40 මුද්දරය (වල් ඌරා) | Michel LK 1960 Stamp Number LK 1900 Yvert et Tellier LK 1909 Stanley Gibbons LK 2222 WADP Numbering System – WNS LK014.13 |
රු.50 මුද්දරය (තිත් මුවා) | Michel LK 1961 Stamp Number LK 1901 Yvert et Tellier LK 1910 Stanley Gibbons LK 2223 WADP Numbering System – WNS LK017.13 |
රු.55 සිහිවටන පත්‍රිකාව (කොටියා) | Michel LK BL139 Stamp Number LK 1901a Yvert et Tellier LK BF125 Stanley Gibbons LK MS2224 WADP Numbering System – WNS LK017MS.13 |
රු.55 සිහිවටන පත්‍රිකාව (ස්ලොත් වලසා) | Michel LK BL140 Stamp Number LK 1900a Yvert et Tellier LK BF127 Stanley Gibbons LK MS2225 WADP Numbering System – WNS LK015MS.13 |
රු.55 සිහිවටන පත්‍රිකාව (අලියා) | Michel LK BL141 Stamp Number LK 1899a Yvert et Tellier LK BF126 Stanley Gibbons LK MS2226 WADP Numbering System – WNS LK019MS.13 |
රු.200 සිහිවටන පත්‍රිකාව Logo (කොටියා) | Michel LK BL139I Stamp Number LK 1901b Yvert et Tellier LK BF128 |
රු.200 සිහිවටන පත්‍රිකාව Logo (ස්ලොත් වලසා) | Michel LK BL140I Stamp Number LK 1900b Yvert et Tellier LK BF130 |
රු.200 සිහිවටන පත්‍රිකාව Logo (අලියා) | Michel LK BL141I Stamp Number LK 1899b Yvert et Tellier LK BF129 |
(තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි.)