බේරුවල නගර සභා මහජන පුස්තකාලය මගින් ජාතික කියවීමේ මාසයට සමගාමීව සංවිධානය කරන ලද “කියවන මුද්දර” වැඩසටහන 2024 නොවැම්බර් 11 දින බේරුවල ඩී. එස්. සේනානායක ජාතික පාසල් ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. මේ සඳහා විදුහලේ 6,7,8 සහ 9 ශ්‍රේණිවල තෝරාගත් සිසු දරුවන් පිරිසක් සහභාගී වූ අතර මුද්දර එකතු කිරීම සඳහා උනන්දුවක් දක්වන බහුතරයක් ඒ අතර වූහ.
එකතු කිරීමෙන් ඔබ්බට මුද්දරයක වටිනාකම සහ බේරුවල ඉතිහාසය හා සබැඳුණු සමරු මුද්දර පිළිබදව මෙහිදී අපි ඔවුන්ට නැවුම් අවබෝධයක් ලබා දුන්නෙමු. බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රිකයේ බේරුවල වනාහි ලංකා ඉතිහාසයේ සුවිශේෂී නගරයකි. බේරුවල මරදාන මස්ජිදුල් අබ්රාර් ජුම්මා පල්ලිය ශ්‍රී ලංකාවට මුස්ලිම්වරුන්ගේ ආගමනයත් සමඟ ඇති වූ පළමු මුස්ලිම් ජනාවාසය සිහිගන්වයි. එය මුස්ලිම් ජනතාව බේරුවල සමඟ ඇති සබඳතාවයේ සංකේතයකි. මෙම මුස්ලිම් පල්ලිය සංස්කෘතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර, අප රටේ ඉස්ලාමීය සංස්කෘතිය හා උරුමයන් සහිත ස්ථානයක් ජාතික ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කළ පළමු අවස්ථාව මෙය වීම ඉතා වැදගත්ය. 2003 වර්ෂයේදී මෙම ඓතිහාසික වැදගත්කමක් සහිත දේවස්ථානය සැමරීම සඳහා සමරු මුද්දර දෙකක් නිකුත් කෙරුණු අතර වැඩසටහනේදී ඒ පිළිබදව අපි දරුවන්ව දැනුම්වත් කළෙමු.
ඩී. එස්. සේනානායක ජාතික පාසල් විදුහල්පතිතුමන් ඇතුළුව ගුරු මණ්ඩලය මේ සඳහා ලබා දුන් නොමසුරු දායකත්වයට කෘතඥ වෙමු. එමෙන්ම, “මුද්දර කියවීම” වැනි අලුත් ආකාරයේ කියවීම් සඳහා අවශ්‍ය පසුබිම සැකසීමට බේරුවල නගර සභා මහජන පුස්තකාල කාර්ය මණ්ඩලය ගනු ලබන උත්සාහය ප්‍රශංසනීය ය. මේ සෑම කටයුත්තක් සඳහාම නිසි මඟ පෙන්වීමක් ලබා දෙන බේරුවල නගර සභාවේ ගරු ලේකම්තුමිය වන ආර්. යූ. ඩබ්ලිව්. ගුණවර්ධන මහත්මියගේ දායකත්වයත්, ඒ සඳහා පෙරමුණ ගන්නා වැඩ බලන පුස්තකලයධිපතිතුමන් ලෙස කටයුතු කරනා පී. ඩී. පී. ප්‍රසංග මහතා සහ අමා ජයවර්ධන මහත්මිය ඇතුළු සියලුම පුස්තකාල කාර්ය මණ්ඩලයත් ස්තුති පූර්වකව විශේෂයෙන් සිහිපත් කල යුතුය.
මුද්දර කියවීම තුලින් ජාතික එකමුතුව සවිමත් කිරීමට බේරුවලට ඇති ඓතිහාසික වගකීම බැහැර කල නොහැකිය. එවන් තවත් වැඩසටහන් තුලින් අනාගතයේදී බේරුවලදී හමුවෙමු.