Ceylon Collectors Club, සාමුහිකයේ ආදරණීයම ප්රයත්නයක් උන “සිසු දිරිය”, පාසල් පොත් පත් ප්‍රධානය ඉතාම අලංකාරවත් අන්දමින් පසු ගිය සදුදා (24.10.2024) දින, මාතලේ, ගුරලවෙල ශ්‍රී සාරානන්ද විද්‍යාලයේදි පැවැත්වුනා. මාතලේ විශ්‍රාමික විදුහල්පතිවරුන්ගේ මැදිහත්වීම සහ අවශ්‍යතාව මත Ceylon Collectors Club, පූර්ණ දායකත්වයෙන් සිද්ද වුන මේ කර්තව්‍යය අති සාර්ථකව ඉටුකරගන්න විදුහල්පතිතුමන් ඇතුළු ගුරු මණ්ඩලය, සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන් දැක්වූයේ ඉතා ඉහළ උනන්දුවක්.
අතිශය දක්ෂ සහ කඩිසර සිසු මල් කැලක් හිමි මේ පාසල් භූමියට ඇතුළු වුන මොහොතේ පටන් අපිට දැනුනේ වචන වලින් ලියන්න බැරි සතුටක්. මේ පොත් පත් අවශ්‍යතාව තදින්ම තිබුණ, එසේම එම තෑගි අනිවාර්යෙන්ම ලැබිය යුතු, පාසලක් බව ඒ හැම ඇස් දෙකකින්ම කියවුනා. ඇත්තටම හරිම දක්ශ පොඩි උන්ගෙ දක්ශතා අගය කරලා දීපු පුංචිම තෑග්ගක් මේක..!
අපි අපිට පුළුවන් විදියට පුංචි තෑගි ටිකක් එයාලට දෙද්දි මුද්දර තෑගිත් එයාලට දුන්නා. එයාලට ලැබිච්ච මුද්දර ගැන එයාලා අපිට ලියලා එවන්න පොරොන්දු වුනා. ඒ ලියමන් වලින් හොදම ලියමන් වලට අපි තව මුද්දර තෑගි දෙන්නත් පොරොන්දු වුනා.
මේ අදහස ආපු වෙලේම ඉතාම ඉහල මුදල් පරිත්‍යාගයක් කරපු Ameen Hussain මහතත්, වැඩේට උපරිම උනන්දුවත් දායකත්වයක් දුන්න Wasantha, රොහාන්, සුසන්ත මහත්වරු ඇතුළුව අපේ ඇඩ්මින් මඩුල්ලට ගොඩක් ස්තූතියි..!
ඒ වගේම අපිට මේ අවස්ථාව හදලා දුන්න මාතලේ විශ්‍රාමික විදුහල්පතිවරුන්ගේ සංගමයටත්, අපේ මේ කටයුත්තට විශාල වටිනාකමක් දෙමින් මේ කටයුත්ත බොහොම අපූරුවට කරන්න අවශ්‍ය සියළු කටයුතු සම්පාදනය කරපු විදුහලේ විදුමල්පති තුමන්ටත්, ආචාර්ය මණ්ඩලයටත් බොහොම ස්තූත්යි..!
ඉස්සරහටත් අපිට, මුද්දරටට ආදරය කරන සියළු දෙනා, සියළු සංගම් එකතු කරන් මේ වගේ දේවල් කරන්න ලැබේවි කියලා අපි හිතමු. ඒ වගේම මේ වගේ දේවල් නොකඩවා කරන් යන ඒ සංගම් වල සියළුම දෙනාවත් හරි ආදරෙන් මතක් කරනවා..! අපි ඔක්කෝම දවසක එකතුවෙලා ලංකාව වටේම අහිංසක පුංචි උන් හොයන් යමු..! ඒ අයට මේ වටිනම දායාදය බෙදල දෙමු..!
මේ පුංචි ලස්සන ඉස්කෝලේ තව පොඩි පොඩි අඩුපාඩු කීපයක්ම තියෙනවා. සහයෝගයක් දෙන්න පුළුවන්නම් හරිම වටීවි..! එහෙම අදහසක් ආවොත් කියන්න, මන් විදුහල්පතිතුමන්ව සම්බන්ධ කරලා දෙන්නම්..!