2023 අන්තර්ජාතික මුද්දර ප්‍රදර්ශනයක පදක්කම් දෙකක් ශ්‍රී ලංකාවට

නවසීලන්තයේ දී පැවැත්වූ 38 වෙනි අන්තර්ජාතික මුද්දර ප්‍රදර්ශනයට කුරුණෑගල ජනාධිපති බාලිකාවේ අපූර්වා මන්දස්මී ජයලත් ගුණරත්න දියණිය වයස් කාණ්ඩ 11 C යොවුන් යටතේ ඉදිරිපත් කළ ප්‍රදර්ෂකට රිදී පදක්කම හිමිවී තිබෙනව. පත්‍රිකා 48 කින් සමන්විත වූ ඇගේ ප්‍රදර්ෂකයේ තේමාව වූයේ Rhythm of Sports World.

කුඩා අවදියේ සිටම මුද්දර විනෝදාංශයේ යෙදෙන ඇය

📌 2014 වසරේ ජාතික මුද්දර ප්‍රදර්ශනයට ඉදිරිපත් කළ Birds තේමව ප්‍රදර්ෂකයට රන් පදක්කමත්

📌 2017 වසරේ ජාතික මුද්දර ප්‍රදර්ශනයට ඉදිරිපත් කළ වයඹ – නෙරළු තුරින් පිරි සාර භූමි වයඹ ප්‍රදර්ෂකයට රන් පදක්කමත්

📌 2020 වසරේ බංගලාදේශයේ Online Philetelic Exhibition සදහා ඉදිරිපත් කළ Sri Lankan Films ශ්‍රී ලාංකේය සිනමාව ප්‍රදර්ෂයට රිදී පදක්කමත්

📌 2020 වසරේ ජාතික මුද්දර ප්‍රදර්ශනය සදහා ඉදිරිපත් කළ සුන්දර සිරි බරිණී අති ශෝභමාන ලංකා ප්‍රදර්ෂකය වෙනුවෙන් රිදී පදක්කමත් දිනා ගැනීමට සමත් වූ අති දක්ෂ දියණියක්.

ඒ වගේම ඇයගේ සොයුරිය දුලාන්‍යා නිම්නාදි ජයලත් ගුණරත්න නවසීලන්තයේ පැවති එම ප්‍රදර්ශනය සදහා තරග වයස් කාණ්ඩ 11 A යොවුන් සදහා ඉදිරිපත් කළ Visit Sri Lanka ප්‍රදර්ෂකයට ලෝකඩ පදක්කමත් දිනා ගැනීමට සමත් වුනා.

පාසැල් අධ්‍යාපන කටයුතු ඉතා හොදින් කරගෙන යන මෙම දියණියන් දෙදෙනාම පවසන්නේ තම විෂය අධ්‍යාපන වැඩ සදහා මුද්දර විනෝදාංශය තුලින් ලැබෙන අමතර දැණුම ඉමහත් පිටිවහලක් වන බවයි.

ඇතුගල්පුර මුද්දර සංසදයේ කුමාර ජයලත් ගුණරත්න මහතාගේ මෙම දියණියන් දෙදෙනාගේ දක්ෂතා වෙනුවෙන් අපේ සුබ පැතුම්

Source: fb page

Loading

One thought on “2023 අන්තර්ජාතික මුද්දර ප්‍රදර්ශනයක පදක්කම් දෙකක් ශ්‍රී ලංකාවට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *