EPS – 1st August workshop

සුන්දර අගෝස්තු මාසයේ පළවනදා අපි තවත් වැඩසටහනක් කළා

මේ වසරේ ඔක්තෝබර් මාසයේ දී ජාතික මුද්දර ප්‍රදර්ශනයක් පැවත්වීමට නියමිතයි. පාසල් දරුවන් මුද්දර විනෝදාංශයට එකතුකර ගැනීම , ඔවුන්ව ප්‍රදර්ෂක නිර්මාණය කිරීමට යොමු කිරීම සහ ඊට උපදෙස් ලබා දීමත් දැන් අපේ තවත් විනෝදාංශයක් වෙලා.

ඇතුගල්පුර මුද්දර සංසදයේ නීතිඥ කුමාර ජයලත් ගුණරත්න අන්තර්ජාතික මුද්දර තරග සදහා ප්‍රදර්ෂක ඉදිරිපත් කර ජයග්‍රහණ ලබා ඇති අයෙක්. ඔහුගේ දැණුම සහ පළපුරුද්ද මුද්දර විනෝදාංශයේ යෙදෙන දරුවන්ට විශාල අත්වැලක්. ඔහු සමග අපේ කණ්ඩායම එකතුවී තවත් සාර්ථක වැඩසටහන් පෙලක් ඊයේ දවස පුරාම සිදු කළා.

කුරුණෑගල මුද්දර කාර්‍යන්ශයේ සහභාගීත්වයත් ලැබුණු නිසා දරුවන්ට අවශ්‍ය මුද්දර ලබා ගැනීමට අවස්ථාව උදා උනා. වැඩමුළු 4 ක් සදහා දරුවන් 80 ක් පමණ සහභාගී උනා.

ස්තුතියි සහයෝගය දක්වපු හැම දෙනාටම 🙏👍 අළුත් මිතුරන් කීපදෙනෙක් හදුනා ගැනීමට අවස්ථාව ලැබුනා. ගාමිණි සිල්වා මහත්මයා , ඉන්දික ලක්මල් ,අනෝජ් සහ ලක්මාල් ඇල්විටිගල.

Words and pictures source: Facebook page

Loading

Leave a Reply

Your email address will not be published. Required fields are marked *