“කියවන මුද්දර” කඳාන ද මැසනොඩ් විද්‍යාලයට (De Mazenod College)

නිරෝෂණ පීරිස් (කියවන මුද්දර)

Words and Images Source: fb page

2023 ජාතික කියවීමේ මාසය වෙනුවෙන් පාසල් පුස්තකාල සතිය සහ පුස්තකාල දින ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන් යටතේ “ද මැසනොඩ් විද්‍යාලයේ” පුස්තකාල හා ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මුද්දර කියවීමේ වැඩසටහන් දෙකක් 2023 නොවැම්බර් 03 වැනි සිකුරාදා දින විද්‍යාලීය “ද ලා සැලේ” (De La Salle) ශාලාවේ දී පවත්වන ලදී. මෙහිදී 5 වන ශ්‍රේණියේ හා 9 වන ශ්‍රේණියේ දරුවන් සදහා වැඩසටහන් දෙකක් වෙන් වෙන් ව සංවිධානය කර තිබුණි.

මුද්දරයක් කියවීම ප්‍රයෝගිකව සිදුකරන අයුරු මෙම වැඩසටහනේ දී අප විසින් පැහැදිලි කර දුන් අතර, සිසු දරුවන් එම ක්‍රියාකාරකම් ඕනෑකමින් සිදුකරමින් බොහෝ උද්‍යෝගයෙන් මේ සඳහා එක්ව සිටියහ.

තා අගනා අයුරින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුනේ ගරු විදුහල්පති ජානක ෆොන්සේකා සහෝදරතුමන් හා නියෝජ්‍ය විදුහල්පති හෙන්රි දිසානායක සහෝදරතුමන් ගේ මඟ පෙන්වීමෙන්, ප්‍රාථමික විදුහල්පති උමේෂිකා ගයනි සොයුරියගේ සහයෝගය ඇතිව පුස්තකාලයාධිපති චන්දිමා දිසානායක මහත්මිය සහ ද මැසනොද් විද්‍යාලයේ පුස්තකාල හා ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය විසිනි. ඔවුන්ට අපගේ හර්දයාංගම ස්තුතිය හිමිවේ.

ද මැසනොද් විද්‍යාලයේ පුස්තකාල හා ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය ඉතා විධිමත්ව සහ සංවිධානාත්මකව පවත්වාගෙන යනු ලබන සැබෑ ඉගෙනුම් මධ්‍යස්ථානයක් බව අපගේ නිරීක්ෂණයයි. එවැනි ස්ථානයක එහි මීළඟ පියවර වන මුද්දර තොරතුරු ඒකකයක් පිහිටුවීම යනු දරුවන්ට සැබෑ ඉගෙනුම් ප්‍රතිඑලයක් ලබාදෙන සම්පතක් වනු ඇත. එවැනි මුද්දර තොරතුරු ඒකකයක් ස්ථාපනය කර, තැපැල් මුද්දර ඉගෙනුම් මූලාශ්‍රයක් බවට ප්‍රයෝගිකව පත් කර ගැනීම වෙනුවෙන් “කියවන මුද්දර” අපගේ සහයෝගය ඔවුන්ට නොපිරිහෙලා ලැබෙනු ඇත.

Loading

Leave a Reply

Your email address will not be published. Required fields are marked *