Lighthouses of Sri Lanka Stamps 2018

සයුරු තෙර තරණය කරන සුවහස් යාත්‍රිකයන්ට මග කියන සිරිලක සිව්කොන පිහිටි ප්‍රදීපාගාරයන් නිරූපනය කරමින් විශේෂ මුද්දර 04 ක් තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය ඊයේ (28 නොවෙම්බර් 2018) නිකුත් කලා.

ඒ කොළඹ ප්‍රදීපාගාරය අසලදී ය.

එහිදී රු.45.00 වටිනාකමකින් යුත් මුද්දර 04 ක් සහ සිහිවටන පත්‍රිකා 04 ක් සහ විශේෂ පොතක්ද නිකුත් කිරීම සිදුකෙරුණා.

මුද්දර නිකුත් කිරීම සිදුකෙරුණේ තැපැල් හා විදුලි සංදේශ ගරු අමාත්‍ය සී.බී.රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

මෙම අවස්ථාව ගරු අමාත්‍යතුමන් නිළ වශයෙන් සහභාගීවූ පළමු මුද්දර නිකුත් කිරීම වනවා.මෙම මුද්දර පෙළ තායිලන්තයේ බැංකොක් නුවර හෙට සිට ආරම්භවන ජාත්‍යාන්තර මුද්දර ප්‍රදර්ශනය වෙනුවෙන් නිකුත් කරන ලද විශේෂ මුද්දර නිකුත් කිරීමක් ද වනවා.

එසේම ඩ්‍රෝන කැමරා තාක්ෂණයෙන් ඡායාරූපගත කරන ලද මෙරට පළමු මුද්දර පෙළ ලෙසද මෙය මුද්දර ඉතිහාසයට එක් වනවා.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ආර්.එම්.ඩී.බී.මීගස්මුල්ල, තැපැල්පති රංජිත් ආරියරත්න, ඇතුලු අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිළධාරීන් රැසක් සහභාගී විය.

මුද්දර නිර්මාණය – රුවන් උපසේන

මුල්දින කවර නිර්මාණය – ඉසුරු චතුරංග

ඡායාරූප – අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය

Source: දුශ්මන්ත මායාදුන්නේ – දිණමින පුවත්පත

Sri Lanka Philatelic Bureau of the Department of Posts has issued four new postage stamps in the denominations of Rs.45.00 each depicting Lighthouses Sri Lanka and four Miniature Sheets in denominations of Rs.45.00 each on 26th November, 2018.

Details of the Issue

Date of Issue : 26th October, 2018

Denomination : Rs.45.00 x 4

Stamp Designer : Ruwan Upasena

FDC Designer : P. Isuru Chathuranga

Catalogue No : Barberyn Lighthouse – CSL 2305

Point Pedro Lighthouse – CSL 2306

Galbokka Point Lighthouse – CSL 2307

Oluvil Lighthouse – CSL 2308

Stamp Size : 30mm x 60mm

Sheet Composition : 20 stamps per sheet

Loading

Leave a Reply

Your email address will not be published. Required fields are marked *