New Issue: 10th National Jamboree

10 new stamps have been issued at 10th National Jamboree in Tricomalee today (21st February 2024).

Stamps- 5 boy scouts, 5 girl guide stamps.

2 FDCs (5 special cancellations)

2 souvenir sheets

10 Post cards and maxicards

The items are available online to purchase:

Stamps

Sheetlet

FDCs

Folders

SCOUTING & GIRL GUIDING – 2024 (FOLDER – SCOUNTING)

SCOUTING & GIRL GUIDING – 2024 (FOLDER – GIRLGUIDING)

2 Souvenir Sheets

SCOUTING & GIRL GUIDING – 2024 – MINIATURE SHEET (SCOUTING)

SCOUTING & GIRL GUIDING – 2024 – MINIATURE SHEET (GIRL GUIDING)

Postcards

SCOUTING & GIRL GUIDING – 2024 (POST CARD) (CARING FOR THE ENVIRONMENT)

SCOUTING & GIRL GUIDING – 2024 (POST CARD) (ADVENTURE)

SCOUTING & GIRL GUIDING – 2024 (POST CARD) (CAMP FIRE)

SCOUTING & GIRL GUIDING – 2024 (POST CARD) (CAMPING)

SCOUTING & GIRL GUIDING – 2024 (POST CARD) (CARING FOR THE DIFFERENTLY ABLED)

SCOUTING & GIRL GUIDING – 2024 (POST CARD) (DIFFERENTLY ABLED)

SCOUTING & GIRL GUIDING – 2024 (POST CARD) (LITTLE FRIENDS)

SCOUTING & GIRL GUIDING – 2024 (POST CARD) (BUTTERFLIES)

SCOUTING & GIRL GUIDING – 2024 (POST CARD) (GUIDES)

SCOUTING & GIRL GUIDING – 2024 (POST CARD) (RANGERS)

Maximum Cards

SCOUTING & GIRL GUIDING – 2024 (MAXIMUM CARDS) (10 CARDS PACK)

ත්‍රිකුණාමලයේදී පැවැත්වෙන 10වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරියට සමගාමීව ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය විසින් බාලදක්ෂ සහ බාලදක්ෂිකා ක්‍රියාකාරකම් ඇතුලත් සමරු මුද්දර 10ක් නිකුත් කිරීම අද දින (2024.02.21) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

මෙම මුද්දර පෙල මුද්දර නිර්මාණශිල්පි ඉසුරු චතුරංග මහතා විසින් නිර්මාණය කළ අතර ඒ සඳහා AI තාක්ෂණය යොදා ගෙන ඇත. ඒ අනුව AI තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ නිකුත් කළ ප්‍රථම මුද්දර පෙල ලෙස මෙය ඉතිහාසයට එක්වෙයි.

එසේම අබාධිත බාලදක්ෂයන් සහ බාලදක්ෂිකාවන්ට උපහාර පිණිස මෙම මුද්දර පෙලේ ඔවුන් පිළිබිඹු වන මුද්දර දෙකක් ද ඇත. එහි බ්‍රේල් භාෂාවෙන් BE PREPARED ලෙස සඳහන් වෙයි. ඒ අනුව මෙය බ්‍රේල් භාෂාව ඇතුලත්ව ශ්‍රී ලංකාවේ නිකුත් කළ 02වන සහ 03වන මුද්දර පෙල වේ.

⚜️10වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය⚜️

බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවෙල් සාමිතුමාගේ සංකල්පයක් ලෙස “බාලදක්ෂ ජම්බෝරිය” යන වචනය කරළියට පැමිණ ඇත. විශාල බාලදක්ෂයින් පිරිසක් එකම තැනකට එක් රොක්ව අදහස්, ආකල්ප, අත්දැකීම් හුවමාරු කරගනිමින් එළිමහනේ කඳවුරු බැඳ විනෝද වීම යන පටු අර්ථයෙන් “ජම්බෝරිය” ලෙස හැඳින්වුවද එහි පුළුල් අර්ථයක් ඇත.

බාලදක්ෂ ඉතිහාසයේ ලෝකයේ පැවැති ප්‍රථම ජම්බෝරිය පවත්වන ලද්දේ 1920 වර්ෂයේ ජූනි 30 වෙනිදායි. එම ජම්බෝරිය දින 8ක් පුරා පවත්වන ලදී. රටවල් 34ක බාලදක්ෂයින් අටදහසක් එහි කඳවුරු බඳින ලදී. අක්කර හයක් පමණ විශාල ඔලිම්පියා ශාලාව ආශ්‍රිතව එංගලන්තයේදී පවත්වන ලද එම ජම්බෝරියේ ජම්බෝරි නායකයා ලෙස බේඩ්න් පවෙල් සාමිතුමන් කටයුතු කරන ලදී.

සම්ප්‍රදායක් ලෙස සිව් වසරකට වරක් ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂයා වන විධායක ජනාධිපතිවරයාගේ හා ප්‍රධාන කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් මෙන්ම ප්‍රධාන කොමසාරිස්වරයාගේ පූර්ණ සංවිධානයෙන් ජාත්‍යන්තර බාලදක්ෂයින්ගේ සහභාගිත්වය සහිතව ජාතික බාල දක්ෂ ජම්බෝරිය පවත්වනු ලබයි.

ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ 40වැනි සංවත්සරය නිමිත්තෙන් 1952 වර්ෂයේදී ප්‍රථම ජාතික ජම්බෝරිය පවත්වන ලදී. කොළඹ බුලර්ස් පාරට යාබද භූමි භාගයේදී පවත්වන ලද එම ජම්බෝරියට බාලදක්ෂයින් 5000ක් සහභාගි විය. ඉන්දියාව, බුරුමය, මැලේසියාව, ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් විදේශීය බාලදක්ෂයින්ද ඒ සඳහා සහභාගි විය. මේ සියල්ල සිදු වූයේ දෙවැනි ලෝක යුද්ධය නිමාවට පත්වීමෙන් පසුව උදාවූ කාල වකවානුව තුළයි. ඒ ඩොමිනියන් ක්‍රමය යටතේ පළමු අගමැතිවරයා වූ ඩී.එස්.සේනානායක පාලන සමයයි. එකල, බුලර්ස් පාරේ කොළඹ තුරග තරග පිටිය, ගොල්ෆ් පිටිය සහ තුරග තරග සංගමය මිනිසුන් අතර අතිශය ජනප්‍රිය වූ සමයයි.

වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ජාතික බාලදක්ෂ ජම්බෝරි 9ක් පවත්වා ඇත. ඒවා නම්,
• 1952 – පළමු ජාතික ජම්බෝරිය – කොළඹ
• 1962 – දෙවන ජාතික ජම්බෝරිය – කොළඹ
• 1985 – තෙවන ජාතික ජම්බෝරිය – අනුරාධපුරය
• 1992 – සිව්වන ජාතික ජම්බෝරිය – කුරුණෑගල
• 1998 – පස්වන ජාතික ජම්බෝරිය – මහනුවර
• 2002 – සයවන ජාතික ජම්බෝරිය – ගාල්ල
• 2006 – හත්වන ජාතික ජම්බෝරිය – නුවරඑළිය
• 2010 – අටවන ජාතික ජම්බෝරිය – හම්බන්තොට
• 2016 – නමවන ජාතික ජම්බෝරිය – යාපනය

“වෙනසක් සඳහා නායකත්වය” යන තේමාව මුල් කර ගනිමින් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කරනු ලබන 10වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය 2024 පෙබරවාරි මස 20 වැනිදා සිට 26 වැනිදා දක්වා ත්‍රිකුණාමලය නගරය කේන්ද්‍ර කොටගෙන පවත්වනු ලබන අතර 11වැනි ජාතක ජම්බෝරිය 2028 වර්ෂයේදී පැවැත්වීමට නියමිතය.

10වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය – 2024

⚜️ පෙබරවාරි 20 – පැමිණිම හා ලියාපදිංචිය

⚜️ පෙබරවාරි 21 – ජම්බෝරිය විවෘත කිරීමේ දිනය
(ආරම්භක රැළිය, මිත්‍රත්ව මහා ක්‍රීඩාව, ජම්බෝරි ප්‍රදර්ශනය, සංස්කෘතියක සංදර්ශනය, Asia Pacific Ever Green Scouts Gathering, සංගීත සංදර්ශනය)

⚜️ පෙබරවාරි 22 – BP දිනය හා පෝතක බාලදක්ෂ දිනය
(මැරතන් තරඟය, ජම්බෝරි ක්‍රියාකාරකම්, පෝතක බාලදක්ෂ දින වැඩසටහන, සරුංගල් තරඟය, ASAT Gathering, සංස්කෘතික සංදර්ශනය)

⚜️ පෙබරවාරි 23 – සංස්කෘතික දිනය
(පෝතක බාලදක්ෂ දින වැඩසටහන, ජම්බෝරි ක්‍රියාකාරකම්, ගිල්වෙල් සුහද හමුව, උප කඳවුරු ගිනි මැළය)

⚜️ පෙබරවාරි 24 – ජාත්‍යන්තර දිනය
(පෝතක බාලදක්ෂ දින වැඩසටහන, ජම්බෝරි ක්‍රියාකාරකම්, ජාත්‍යන්තර සංස්කෘතික හුවමාරු ක්‍රියාකාරකම්, ජාත්‍යන්තර හා ජාතික සංස්කෘතික සංදර්ශනය)

⚜️ පෙබරවාරි 25 – සහෝදරත්වයේ දිනය හා ජම්බෝරි නිමාව
(හරිත ලෝක සමාජය – Green World Community, පෝතක බාලදක්ෂ දින වැඩසටහන, ‘Scouting Legend’s Gathering, අවසන් රැළිය)

⚜️ පෙබරවාරි 26 – විසීරයාම

(තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි.)

Loading

Leave a Reply

Your email address will not be published. Required fields are marked *