New Issue: UNFP – 50 years of impactful initiatives

Celebrating 50 years for United Nations Population Fund, a stamp and FDC was issued on 1st March 2024 at Kingsbury Hotel, Colombo.

Stamp and FDC can be purchased online:

Stamp – https://stamps.slpost.gov.lk/product/6102

FDC – https://stamps.slpost.gov.lk/product/6107

Bulletin Details – https://philately.lk/bulletins/bulletin-1048-1st-march-2024-unfp-50-years-of-impactful-initiatives/

Image credits – Niroshana Pieris (Kiyawana Muddara)

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) මඟින් සිදුකල 50 වසරක මෙහෙවර නිමිති කරගනිමින් 2024 මාර්තු මස 01වන දින ශ්‍රී ලංකා මුද්දර කාර්යංශය මඟින් මුහුණත වටිනාකම රු.50ක් වූ සමරු මුද්දරයක් මෙන්ම මුල්දින කවරයක්ද නිකුත් කරන ලදී.

එක්සත් ජාතීන් (United Nations) යනු ලෝක සාමය සහ ආර්ථික හා සාමාජයීය ප්‍රගමනය උදෙසා ක්‍රියා කිරීම පිණිස ස්වේච්ඡාවෙන් ඒකරාශි වී සිටින ස්වාධීන රාජ්‍යයන්ගෙන් යුතු අද්විතීය සංවිධානයකි. සාමාජික රාජ්‍යයන් 51 ක සහභාගිත්වයෙන් 1945 ඔක්තෝබර් 24 වැනිදා එය නිල වශයෙන් උපත ලැබීය. අද වන විට එහි සාමාජික සංඛ්‍යාව 193 කි.

සුවිශේෂ ක්‍ෂෙත්‍රවල කාර්යභාරයන් ඉටු කිරීම පිණිස මහා මණ්ඩලය විසින් එක්සත් ජාතීන්ගේ වැඩ සටහන් සහ වෙනත් ආයතන නිර්මාණය කර ඇත. ඒවා ආර්ථික හා සමාජ මණ්ඩලය සමඟ සමීපව සහයෝගයෙන් ක්‍රියා කරන අතර බොහෝ අවස්ථාවල මහා මණ්ඩලයට සහ ආර්ථික හා සමාජ මණ්ඩලයට වාර්තා ඉදිරිපත් කරයි. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) එම වැඩ සටහන් අතරින් එකකි.

1966දී රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සිදුකල ඉල්ලීම් සලකා බලමින්, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් 1967 වර්ෂයේදී ජනගහන ගැටලු සඳහා භාරකාර අරමුදලක් නිර්මාණය කළේය. එය එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ පරිපාලනය යටතේ 1969 වසරේදී ජනගහන ක්‍රියාකාරකම් සඳහා එක්සත් ජාතීන්ගේ අරමුදල (United Nations Fund for Population Activities – UNFPA) ලෙස මෙහෙයුම් ආරම්භ කරන ලදී. ඉන්පසුව එය 1971 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අධිකාරිය යටතට පත් කල අතර එහි නම 1982දී එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (United Nations Population Fund) ලෙස වෙනස් කරන ලදී. කෙසේ නමුත් UNFPA යන කෙටි නාමය නොවෙනස්ව පැවැතිණි. අද වන විට අරාබි රාජ්‍යයන් සහ යුරෝපය, ආසියා සහ පැසිෆික්, ලතින් ඇමරිකාව, කැරිබියන් සහ අප්‍රිකාව යන භූගෝලීය කලාප හතරක් පුරා රටවල් 144කට වැඩි ගණනක සිදු කරන වැඩසටහන් සඳහා UNFPA සහාය දක්වයි.

UNFPA යනු ජනගහන සහ ප්‍රජනක සෞඛ්‍ය වැඩසටහන් සඳහා අරමුදල් සපයන ලොව විශාලතම බහුපාර්ශ්වික මූලාශ්‍රයයි. එහි මූලික අරමුණු වනුයේ ලොව පුරා ප්‍රජනක සහ මාතෘ සෞඛ්‍යය වැඩිදියුණු කිරීමයි. එහි කාර්යභාරයන් අතරට ජාතික සෞඛ්‍ය ආරක්ෂණ උපාය මාර්ග හා කෙටුම්පත් සංවර්ධනය කිරීම, පවුල් සැලසුම් සඳහා ප්‍රවේශය වැඩි කිරීම මෙන්ම ළමා විවාහ, ස්ත්‍රී-පුරුෂ භාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය (Gender-based violence), ප්‍රසව ෆිස්ටුල (obstetric fistula) සහ කාන්තා ලිංග ඡේදනයට එරෙහිව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම (female genital mutilation) ආදිය ඇතුලත් වෙයි.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ජාත්‍යන්තර ප්‍රජාවේද සහාය ඇතිව රටවල් 150 කට අධික සංඛ්‍යාවක රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන සමඟ එක්ව ක්‍රියා කරමින් කාන්තාවන්, පිරිමින් සහ තරුණ තරුණියන්ට උපකාර කරන වැඩසටහන් සඳහා සහාය වේ. එම වැඩසටහන් අතරින් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන වැඩසටහන් කිහිපයක් පහත දැක්වේ.

• ඩිජිටල් ආර්ථිකය කරා ගමන් කිරීමට ශ්‍රී ලංකාවේ සංඛ්‍යාලේඛන පද්ධතිය නවීකරණය කිරීම සහ ජනගහන දත්ත පද්ධතිය වැඩිදියුණු කිරීම.
• කාන්තාවන්ගේ, ගැහැනු දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සහ කාන්තා හිංසනය අවම කිරීම (මිතුරු පියස).
• ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේ ප්‍රගතිය වෙනුවෙන් කටයුතු කිරීම.
• ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පැතිරීම වළක්වා ගැනීම.
• පවුල් සැලසුම්, මාතෘ සෞඛ්‍ය සේවා ඇතුළත් පුළුල් ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සේවාවන් සැපයීම සඳහා ජංගම සෞඛ්‍ය සායන (සුවනාරි සායන) ආරම්භ කිරීම.
• අර්බුදකාරී කාලය තුළ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා ප්‍රවේශය සහතික කිරීමට ගැබිනි කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට මාතෘ හා ගරුත්ව උපකරණ කට්ටල (prepositioned maternity and dignity kits) සැපයීම.

මෙම වැඩසටහන් මඟින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA), ශ්‍රී ලංකා රජය සහ රට පුරා විසිරී සිටින විවිධ පාර්ශවකරුවන් සමඟ කල්පවත්නා සහයෝගීතාවක් පවත්වා ගනිමින් සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේ ප්‍රගතිය වෙනුවෙන් කටයුතු කරනු ලබයි.

(තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි.)

Loading

Leave a Reply

Your email address will not be published. Required fields are marked *