Ethugalpura stamp exhibition December 2022

Held on 1,2,3,4 December 2022 at Kurunegala Maliyadewa Balika vidyalaya

2022 වසරේ දෙසැම්බරයේ දී ඇතුගල්පුර මුද්දර දැක්ම කුරුණෑගල මලියදේව බාලිකාවේ දී 1 , 2 , 3 සහ 4 යන දිනයන්හි දී පැවැත්වූව.

අපේ උත්සාහයන් මල් පල ගන්වමින් කුරුණෑගල අධ්‍යාපන කළාපයේ පාසල් 12 ක දරුවන් 200 කට අධික සංක්‍යාවක් ප්‍රදර්ෂක ඉදිරිපත් කර තිබුණා. ප්‍රදර්ෂක නිර්මාණය කිරීම සදහා දරුවන් යොමු කිරීමට ඇතුගල්පුර මුද්දර සංසදය විශාල වෙහෙසක් දැරුවා. අවසානයේ දරුවන්ගේ මුවගට සතුටු සිනාවක් ගෙනෙමින් ඉතා සාර්ථක ප්‍රදර්ශනයක් දින 4 ක් පුරාවට මලියදේව බාලිකාවේ දී පැවැත්වූව.

වයස් කාන්ඩ තුනකින් දරුවන් සදහා තරග පැවති අතර ජයග්‍රාහකයින් සියළුදෙනාට මුද්දර කාර්‍යංශය වෙතින් සහතිකපත් ලබා දුන්නා. ඇතුගල්පුර මුද්දර සංසදය මගින් තරග දිනූ සියළුදෙනා හට පදක්කම් සහ තෑගි ලබාදීමට කටයුතු කළා. මුද්දර විනෝදාංශයේ යෙදෙන දූ දරුවන්ට විශාල උත්තේජනයක් ලබා දෙමින් ප්‍රදර්ෂක ඉදිරිපත් කළ සියළුදෙනාටම මුද්දර කාර්‍යන්ශය මගින් සහභාගීත්ව සහතිකයක් ලබා දීමට කටයුතු කිරීම ඉතා අගය කළ යුතු කටයුත්තක්.

කුරුණෑගල තැපැල් අධිකාරිතුමන්ලා ඇතුළු නිළධාරි මණ්ඩලයෙන් සහ මුද්දර කාර්‍යන්ශයෙන් ලැබුණු සහයෝගය ස්තුතිපූර්වකව සිහිපත් කරනව. විශේෂයෙන්ම මතක් කළ යුතු දෙයක් තමයි මුද්දර කාර්‍යන්ශයේ චන්න මුණසිංහ මහතා ලබා දුන් සහයෝගය. ස්තුතියි ඔබතුමාට.

words and pictures source: facebook page

Following images source: ඇතුගල්පුර මුද්දර දැක්ම – 2022 – ෆ්ලිප්බුක් පිටු 1-50 | PubHTML5

Loading

Leave a Reply

Your email address will not be published. Required fields are marked *