Spring Stamp Fiesta 2023 Kandy

මහනුවර මුද්දර සමාජය – ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සහ හා කැන්ඩි සිටි සෙන්ටර් සමඟ එක්ව සාඩම්බරයෙන් ඉදිරිපත් කරනු ලබන මහනුවර මුද්දර දැක්ම “Spring Stamp Fiesta 2023” 2023 අද (මාර්තු 4) උදෑසන ආරම්භ විය.

ජනාකීර්ණ වූ කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයට මුද්දර අලුත් ආලෝකයයක් ගෙන දුන්නාක් බඳු විය. සාම්ප්‍රදායක මුද්දර ප්‍රදර්ශනයක ආකෘතියෙන් බැහැරව, මුද්දරය පිළිබඳව අලුත් අදහසක් සමාජගත කිරීම සදහා මහනුවර මුද්දර සමාජය ගනු ලබන මෙවැනි නව්‍ය ක්‍රියා විනෝදාංශයේ උන්නතිය සදහා ඉවහල් වන අතර, මුද්දර පිළිබද මහජන සම්බන්දතාවය සහ සන්නිවේදනය ශක්තිමත් කිරීම සදහාද කදිම ප්‍රවේශයකි.

මහනුවර මුද්දර සමාජයේ දුමින්ද අමිල සොහොයුරාගේ ආරාධනය පරිදි අපත් මෙම සමාරම්භක උත්සවය සඳහා එක්වීමු. හිතවත්කම් අලුත් කරගැනීමට මුද්දර මිතුරන් රැසක් මෙහිදී අපට මුණ ගැසුනි. රොෂාන් විජේසුරිය, වින්දික රත්නායක, පස්යාලේ අපේ හාමුදුරුවෝ ඒ අතර විය.

මහනුවර ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර මහ කොමසාරිස් වෛද්‍ය එස්. අතිරා මැතිනිය විශේෂ ආරාධිතයකු සේ ප්‍රදර්ශනය නැරඹීම සදහා එක්වූ අතර, මුද්දර පිළිබදව විශේෂ අවධානයකින් කටයුතු කරන රාජ්‍යතාන්ත්‍රිකයකු වූ එතුමිය සමගින් අදහස් හුවමාරු කරගැනීමට ඉඩ ලැබීම ඉතා වැදගත් අප ලැබූ සුවිශේෂී අවස්ථාවකි.

මහනුවර මුද්දර සමාජයේ සභාපති රොහාන් ප්‍රනාන්දු, දුමින්ද අමිල, වින්දික රත්නායක හා ඩී. එම්. පී. කේ. අබේරත්න යන මහත්වරුන් ඇතුළුව සියලුම සාමාජිකයින්ට මෙවන් කටයුතු තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු ශක්තිය අපි ප්‍රාර්ථනා කරමු.

ප්‍රදර්ශනය 2023 මාර්තු 5 දා සවස 6 තෙක් පැවැත්වේ.

Words and snaps by Samantha Niroshana Peiris

Loading

Leave a Reply

Your email address will not be published. Required fields are marked *